Thursday, April 18, 2024

මාෆියාවක් බිත්තර ගෙන්වීමට බාල්දි දමයි!

බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඊයේ (16) දිනයේත් නොලැබුනු බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

කෙසේවෙතත්, එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා “අද දෙරණ” ට සඳහන් කළේ, අදාළ නිර්දේශ අද (17) දිනයේ ලබාදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද පස්වරුවේ තමාට දැනුම්දුන් බවය.

බිත්තර ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් පසුව ඉන්දීය පෞද්ගලික සමාගම් දෙකක් වන  “රක්නා ෆාම් ඇන්ඩ් ෆුඩ් පුද්ගලික සමාගම” සහ “ඓශ්චර්යා ෆාම් පුද්ගලික සමාගම” පසුගියදා තෝරාගැණුනි. 

ඒ අනුව මෙම සමාගම් දෙකට රුපියල් 35ක පිරිවැයක් යටතේ තමිල්නාඩුවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදෙන්නැයි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. 

එවන් පසුබිමක අද බිත්තර නිෂ්පාදකයින් අවධාරණය කළේ , සහන ලබාදෙන්නේනම් බිත්තර මිල පහළදැමිය හැකි බවය.

එහෙත්, අද දිනයේත් කොළඹ අවට බොහෝ ස්ථාන වල බිත්තර අලෙවි කෙරුණේ රුපියල් 55කට වැඩි මුදලකටය.

දිගින් දිගටම බිත්තර ආනයනය ප්‍රමාද කරවන්නේ වෙනත් අදෘෂ්‍යමාන බලපෑමක් නිසා නොව දේශිය බිත්ත මාෆියාව විසින් බව පාරිභෝගිකයන් චෝදනා කරනවා. එබැවින් ඊලග මාසය දක්වා මෙය ප්‍රමාද කරවීමට ඔවුන් කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත් නුවරඑළිය සහ කඳුකරයේ ජනතාව පවසන්නේ තවමත් බිත්තරයක් මිලදී ගැනීමට සිදුව ඇත්තේ රුපියල් 65 ත් 70 ත් අතර මිලකට බවය. 

මේ අතර, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින්  නිර්දේශ ලද වහාම, බිත්තර ආනයනයට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගතහැකි බවය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles