Friday, April 26, 2024

“මැණිකේ මගේ හිතේ” බොලිවුඩ් චිත්‍රපටයකට

ශ්‍රී ලාංකීය යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය හින්දි භාෂාවෙන් නිර්මාණය කර බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඇතුළත් කරගෙන තිබෙනවා.

2021 ජනවාරියේ නිල නිවේදනය නිකුත් කෙරුණු Thank god චිත්‍රපටය ඉන්ද්‍ර කුමාර්ගේ අධ්‍යක්ෂණයක් වන අතර එහි අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රකුල් ප්‍රීත් සිංග් රංගනයෙන් දායක වන බව සඳහන් වෙි.

Thank God චිත්‍රපටයේ රූගතකිරීම් මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපත ඉන්දීය ගී පද රචක රෂ්මි විරාග් රචනා කරන අතර, ටනිෂ්ක් බාචි විසින් එහි සංගීතය නිර්මාණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

මෙි අනුව මැණිකේ මගේ හිතේ ගීතයේ නිල හින්දි ප්‍රතිනිර්මාණය මෙසේ ඇය විසින් ගායනා කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles