Wednesday, April 24, 2024

මැතිවරණ ආචාර ධර්ම නීතිගත කෙරේ

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පවසන්නේ මැතිවරණ ආචාරධර්ම උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට මෙතෙක් නීතියෙන් දඩුවම් ලබාදිය නොහැකි බවයි.

ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන්  මේ දක්වා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් නැති හෙයින්  එම ආචාරධර්ම නීති ගත කිරීමට යෝජනා කළ බවත් යම් පුද්ගලයකු එම ආචාර ධර්ම උල්ලංඝණය කළහොත් ඒ අනුව ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක හැකියාව තිබිය යුතු බවත් නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

සමහර ජනතා නියෝජිතයන්ගේ හැසිරීම පසුගිය කාලයේ බොහෝ අවස්ථාවලදී දක්නට ලැබුණු බව පැවසූ සභාපතිවරයා පළාත් පාලන නියෝජිතයන්ගේ  හැසිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට පවා සිදු වූයේ මේ නිසා බවත් හෙතෙම අවධාරණය කළේය.

අතින් පයින් ගුටිබැට හුවමාරු කරගෙන පොලිසි ගානේ ගිහින්, රෝහල් ගානේ ගිහින් මහ පාරේ රණ්ඩු වෙමින්  ඉන්නකොට මිනිස්සුන්ට මහජන නියෝජිතයන් ගැන දැඩි කළකිරීමක්  ඇතිවන බව ඔහු වැඩිදුරටත් කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles