Friday, March 29, 2024

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබෙනවා.

ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනයක සිදුව ඇති බව ශාසනික ඉතිහාසයේ සදහන් වේ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩකිරීම සඳහා ගමන ආරම්භ කර ඇත්තේ අද වැනි පොහොය දිනක බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ.

තවද මැදින් පෝය දිනය ලක්වැසි ජනතාවට විශේෂයෙන් වැදගත් දිනයකි. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය වන්දනා කිරීමට බැතිමතුන් ගමන් ආරම්භ කරනුයේද මෙම පෝය දිනයේදීය.

20,000ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරාජාණන් වහන්සේ ඥාතීන්ගේ මානය බිඳහෙළීම සඳහා යමාමහ පෙළහර පෑම ද අද වැනි පොහොය දිනක සිදුකර තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කලවැඩිහිටි ශාක්‍ය ඥාතීන් පිරිසක් පෙන්නුම් කළ මාන්නය දුරු කරනු පිණිස බුදුන් වහන්සේ විසින් යමා මහා පෙළහර පැවැත් වූ අවස්ථාවෙහි මල්ල රජ දරුවන් සිව් දෙන මහත් සේ පැහැදී සසුන් ගත වීම, පිය රජතුමා සහ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සකෘදාගාමී සහ සෝවාන් තතත්වයන්ට එළඹීම, දීර්ඝ කපිලවස්තුපුර ගමන සඳහා කාළුදායි රහතන් වහන්සේගේ අයාචනය පිළිගෙන විසි දහසක් වූ රහතන් වහන්සේලා ද කැටුව බුදුන් වහන්සේ රජගහ නුවරින් පිටත් වූයේ ද අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.ගුණ සැලකිම සඳහා වැඩම කිරීම,කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම. එහිදි රජතුමා සෝවාන් විම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරිම,යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම,රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම. එමෙන්ම දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි වීම,මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්විම, ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට පුද්ගලයින් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් ද පනවන ලද්දේද අද වැනි මැදින් පුරපසලොස්වක පොහොය දිනකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles