Saturday, April 20, 2024

මිලියන 500 ක්‌ වන්දි ඉල්ලා දේවානන්දගෙන් රූපාවාහිනී ආයතනයකට එන්තරවාසියක්‌

යාපනයේ ක‍්‍රියාත්මක කේබල් රූපවාහිනී ආයතනයක් විසින් ප‍්‍රචාරය කළ පුවතක් නිසා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ කීර්ති නාමයට වූ හානිය සඳහා රුපියල් මිලියන
 
 500 ක වන්දියක් ඉල්ලා අමාත්‍යවරයාගේ නීතිඥවරයා මගින් පෙරේදා (29 දා* අදාළ රූපවාහිනී ආයතනයට එන්තරවාසියක් යවා තිබේ.
 
 දින 14 ක් ඇතුළත එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එන්තරවාසියේ සඳහන් කොට තිබේ.
 
 කිළිනොච්චි දිස්ත‍්‍රික්කයේ නිවාස ව්‍යාපෘති භාවිතා කරන්නන් තෝරා ගැනීමේදී අක‍්‍රමිකතාවක් සිදුව ඇති බවත්, කිළිනොච්චි දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති සහ ඇමැතිවරයකු වන ඩග්ලස් දේවානන්ද මෙම වංචාවට සම්බන්ධ බවත් එම රූපවාහිනී ආයතනය විසින් ඔවුන්ගේ මාර්තු 12 දා ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේදී ප‍්‍රචාරය කොට තිබේ. මෙම පුවත ද්වේෂ සහගත චේතනාවෙන් ප‍්‍රකාශයට පත්කර ඇති බවත්, එමඟින් ඔහුට අපහාස කරන බවත් සඳහන් කරමින් ධීවර අමාත්‍යවරයා රුපියල් මිලියන  500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. (divaina)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles