Thursday, April 25, 2024

මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්…! දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

දැනටමත් ටොන් 2000ක් ඇණවුමක් ලැබී තිබුණ ද එය සපයා ගැනීමට තෙල් පිරිපහදුවට නොහැකි බවද ඒ මහතා පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට එරෙහිව එම පිරිපහදුව ඉදිරිපිට පැවති විරෝධතාවයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

බන්දුල සමන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති අංශයේ ප්‍රධානියෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles