Friday, April 19, 2024

මුළු රටම එකවර හුදකලා කිරීමක් නෑ-ජාතික කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය

කොවිඞ් රෝගය පැතිරීම පාලනය සඳහා ඇති විසඳුම මුළු රටම එකවර හුදකලා කිරීම නොව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ස්වයංවාරණයක් යටතේ කටයුතු කිරීමට ජනතාවට වගකීම පැවරීම බව ජාතික කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය ඒකමතික තීරණයකට පැමිණ ඇත.
 

ඒ අනුව කුමන තත්ත්වයක් යටතේ වුව සම්පූර්ණයෙන් රටම වසා දැමීමක් සිදු නොකිරීමට එම කාර්ය සාධක බළකාය තීරණය කර තිබේ. රෝගීන් වැඩිපුර හමුවන ප‍්‍රදේශ පමණක් හුදකලා කිරීම සහ ජනතාව වැඩිපුර රැුස්වන අවස්ථා පාලනය කිරීමටද මෙහිදී තීරණය කර ඇත. ඒ අනුව ලබන අ`ගහරුවාදා (04 වැනිදා* සිට මංගල උත්සව ඇතුළු සියලූ උත්සව අවස්ථා සති දෙකකට තහනම් කිරීමටද මෙහිදී තීන්දු කර තිබේ.
 
 එසේම පවතින වසංගත තත්ත්වය හමුවේ රජයෙන් නීති පනවන තුරු බලා නොසිට කොරෝනා ආසාදිතයන් නොවී සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කර අත්‍යවශ්‍ය කටයුතු හැර අනෙකුත් සංචරණයන් සීමා කරගනිමින් ස්වයං වාරණයක් පනවා ගැනීමේ වගකීම ජනතාව වෙත භාර කිරීමටද මෙහිදී තීරණය වී ඇත.
 
 එසේ ස්වයං වාරණයක් පනවා ගැනීමේදී රටේ සියලූ දෙනා අත්‍යවශ්‍ය කටයුත්කට හැර නගර අතර ගමන් කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් පියවරක් වනු ඇතැයිද ස`දහන් කර තිබේ.
 
 මේ වන විට පවතින ප‍්‍රබල වසංගත තත්ත්වයට එක් ප‍්‍රධානතම සාධකයක් වී තිබෙන්නේ රටේ පුරවැසියන් අනවශ්‍ය සංචරණයන් සිදු කරමින් කොරෝනාවෙහි මාරාන්තික අවදානම අමතක කර කි‍්‍රයා කිරීම බවද පැහැදිලිවම පෙනී ගොස් ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles