Friday, April 19, 2024

මෙරට නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් නියඟලා මලකුත් පැළඳ යාපනයේ උතුරේ මියගිය කොටි සැමරුමකට ගිහින්

යාපනය පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතා ශී‍්‍ර ලංකාවට රාජ්‍යතාන්ති‍්‍රක අභියෝගයක් එල්ල කරමින් එල්ටීටීඊ පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් උතුරේදී මියගිය කොටි ත‍්‍රස්තයන් සැමරීමේ උත්සවයකට සහභාගි වී තිබේ.

උපවාසයකින් දිවි නසාගත් ප‍්‍රබල එල්ටීටීඊ සාමාජිකයකු වූ කිට්ටු සැමරීම ස`දහා යාපනය නල්ලූර්හි පිහිටි ‘කිට්ටු’ හෙවත් සංගිලියන් උද්‍යානයේදී ඉකුත් 20 වැනිදා පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වී ඇත. උතුරු පළාත් හිටපු කෘෂිකර්ම ඇමැති පොන්නතුරෙයි ඓන්කරනේෂන් විසින් සංගිලියන් උද්‍යානයේ සංවිධානය කර තිබූ මියගිය කොටි සාමාජිකයන් සමරමින් නොවැම්බර් මාසයේදී උතුරේ පැවත්වෙන රුක් රෝපණ වැඩසටහනට අනුව ‘කිට්ටු’ උද්‍යානයේ පැවති පැළ බෙදා දීමේ උත්සවයකට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී තිබේ.

එහිදී ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් ඇතුළු ආරාධියන්ට කොටි පුෂ්පය වන නිය`ගලා මලක් පළන්දවා සංවිධායකයන් ඔවුන් පිළිගෙන ඇති අතර මල් යොදා සකසා තිබුණු පිත්ත පටියක් කපමින් මෙම පැළ බෙදා දීමේ උත්සවය විවෘත කර ඇත්තේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයාය.

යුද්ධයෙන් මියගිය එල්ටිටීඊ ත‍්‍රස්තවාදීන් සැමරීම ස`දහා නොවැම්බර් මාසයේ පැළ සිටුවීම යුද ගැටුම් අවසාන වීමත් සම`ග උතුරේ කි‍්‍රයාත්මක වූ අතර ඉකුත් 2016 වසරේදී නොවැම්බර් මාසය පැළ සිටුවීමේ මාසය ලෙස නිල වශයෙන් නම් කිරීමට උතුරු පළාත් සභාව කි‍්‍රයා කළේය.

ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතා ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ වැසියෙකි. රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරියකු බව අමතක කරමින් හෙතෙම මේ අන්දමට කොටි සැමරුම් උත්සවයකට සහභාගි වීම පිළිබ`ද ශී‍්‍ර ලංකා රජය හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නැත.

සමන් ගමගේ – දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles