Friday, April 19, 2024

මුදල් අච්චු ගසන මහ බැංකුව මුදල් අර්බුදය විසදා ගැනීමට රජයට දුන් නිර්දේශය

මෙරට පවතින තත්ත්වය යටතේ මුදල් අර්බුදය විසදා ගැනීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑම සුදුසු බව ශ්‍රී ලංකාව මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.එසේම එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ යෝජනාවලියක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට දැනටමත් ඉදිරිපත් කරන ලැබ ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පවතින තත්වය යටතේ අකමැත්තෙන් හෝ එම තීරණයට යෑමට සිදුවන බවයි.පවතින ගැටළුව විසදාගැනීම සදහා තුන්වැනි පාර්ශවයක සහයෝගය ලබා ගැනීමට සිදුවන බවද ඔහු සදහන් කළේය.

එහෙත් රටට අත්වන වාසි සහ අවාසි තත්වයන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් එම සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බව පැවසූ මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයා ඒ පිළිබඳවූ පැහැදිලි ස්ථාවරය ජාතිය අමතා කළ කතාවෙන් පැහැදිලි කළ බවද සදහන් කළේය.

කටයුතු නොකළොත් පවතින අර්බුදය තවත් උත්සන්න විය හැකි බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේය.මේ අතර රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලෙස යෝජනා අටකින් සමන්විත යෝජනාවලියක්ද තමා රජයට බාරදී ඇතැයි හෙතෙම වැඩි දුරටත් සදහන් කළේය.

මෙි අතර පවතින ආර්ථිකය අර්බුදය හමුවෙි මහ බැංකුව ඊයේ රුපියල් බිලියන 55.95 ක් මුද්‍රණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles