Friday, April 26, 2024

මෙි රට මෙි තත්වෙන් හරි ඉන්නෙ අපි බලයේ ඉන්න නිසා

අද රට මේ ආකාරයෙන් හෝ පවතින්නේ වත්මන් ආණ්ඩුව බලය ගත් නිසා බවත් එසේ නොවිණි නම් රට නැත්තටම නැති වී යා හැකිව තිබුණු බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

‘පහුගිය රජය කාලේ කරපු දේවල්වලට අද අපි වන්දි ගෙවන්න වෙලා තියෙනවා. නමුත් ජනාධිපතිතුමා කිව්වා වගේ අපි අභියෝග එනකොට දාලා දුවන්නෙ නෑ, මේ අභියෝගවලට මුහුණ දීලා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න අපි කටයුතු කරනවා.

මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. යුද්ධ කාලෙදිත් ඔය විපක්ෂය ඔය විදියටම හැසිරුණා, දැනුත් ඒකම කරනවා. ඉතින් අපි ඒකට චෝදනා කරන්නෙ නෑ. අපේ අඩුපාඩු තියෙනවා, වැරදි තියෙනවා. ඒවා නිවැරදි කරගන්නත් අපි කටයුතු කරනවා’

ප්‍රශ්නය – හැබැයි ඇමතිතුමා, ඔබතුමන්ලා මේ අඩුපාඩු තියෙන බව දැන දැනනේ මේ ආණ්ඩුව ගත්තෙ ?

‘ඔව් ඉතින්. එහෙම නොගත්තා නම් නැතිවෙලා මේ රටම. දැන් මේ මට්ටමෙන් හරි තියෙන්නෙ අපි ගත්තු හින්දා’

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles