Saturday, April 20, 2024

මේකට මේ සරල උත්තර නෑ. මේකට ලෝකෙ තියෙන්නෙ න්‍යායාත්මක උත්තරයක් . IMF එකටත් යනවා

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත විවිධ දේශපාලන වුවමනාවන් අනුව සංශෝධනය කිරීම වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇති බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියන්නේ ඒ පිළිබඳව එහි වගකීම තමන් ඇතුළු ආණ්ඩුව භාරගත යුතු බව අමාත්‍යවරයා පවසනවා.

“අනාගතයේදී මේ සඳහා කරන්න ඕනෙ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත නැවත වතාවක් සක්‍රීය කරලා දේශපාලන පක්ෂ භේදයෙන් තොරව එකතුවෙලා ඒකට එකඟවෙන්න ඕනෙ. මම ඒ පිළිබඳව සඳහන් කළොත් මේ වැරැද්ද ලංකාවෙ හැමදාම දේශපාලනඥයින් හා පාර්ලිමේන්තුව කරනවා. ඒක කරන්න හොඳ නෑ. මොකද ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 148 වගන්තියෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව විසින් විවිධ දේශපාලන වුවමනාවන් අනුව මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන නිසා එය වෙනස් කරන්න වෙනම නීතියක් සම්මත කළා. ඒක තමයි 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. එහි තියෙන්නෙ කරුණු තුනක්. පළවෙනි කරුණ තමයි ලංකාවේ අයවැය ලේඛනයේ හිඟය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 5% ට වඩා අඩුකිරීම. දෙක 2013 වනවිට ජාතියේ ණයබරතාවය 60% ට අඩුකිරීම. තුන රජය විසින් ණය වනවිට ඇපවීමේ සීමාව 4.5% ට අඩුකරන එක.

අපි මොකද කළේ ඒකට. ඒ පනතට අනුව කළා නම් අද මේ අර්බුදය කිසි එකක් ඇතිවෙන්නෙ නෑ. මේකට මේ සරල උත්තර නෑ. මේකට ලෝකෙ තියෙන්නෙ න්‍යායාත්මක උත්තරයක්. ඒ උත්තරය තමයි පාර්ලිමේන්තුව නීතියක් හැටියට සම්මත කරලා තියෙන්නෙ.

ඒත් ඊට පස්සෙ අපි කළ සංශෝධනවලින් අද වෙනකොට 4.5% ට ඇප වෙන්න ඕනෙ එක 15% දක්වා විටින් විට වැඩිකරගෙන තියෙනවා. ඊට පස්සෙ අපි මේ 60% ට ණයබර අඩුකරනවා කියපු එක 80% ට සංශෝධනය කරලා, 80% ට කරන්නෙ 2030 වෙනකල් කියලා සංශෝධනය කරගෙන තියෙනවා. අපිමයි කරන් තියෙන්නෙ. ඉතින් ඒක නිසා කොච්චර කතා කළත් ආපහු කැරකිලා එන්නෙ එතෙන්ටමයි. ගියවර IMF එකට යනකොටත් මේකම තමයි ඇතිකරගත්ත කොන්දේසිය. නමුත් අර නීතිය වෙනස්වෙලා තියෙනවා. කවදාකවත් මේ ඇත්ත ගැන කතා කරන්නෙ නෑ. මේක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. මේකට පනතක් ගෙනල්ලා වගකීම පාර්ලිමේන්තුවට පවරලා තියෙනවා. ඒ පනත වැරදි විදියට සංශෝධනය කරලා තියෙනවා නිලධාරීන් හා වෙනත් දේශපාලන වුවමනා එපාකම් අනුව. ඒක නිසා ඒ වැරැද්ද අපි නිවැරදි කරගන්න ඕනෙ. වැරැද්දක් වුණා කියලා අපි පාර්ලිමේන්තුව පිළිගන්න ඕනෙ” යැයි අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතට සංශෝධන තුනක් ගෙන ආ බවත් ඒ සංශෝධන තුනම ගෙන ආවේ තම ආණ්ඩුව යටතේ පී. බී. ජයසුන්දර මහතා විසින් බවත් ඔහු විසින්ම පිළිගෙන තිබෙනවා.

මෙි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා බවත් ශ්‍රී ලංකාව අවස්ථා 16කදී ජාතයන්තර අරමුදල වෙත ගොස් ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ඊයේ (17දා) දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“කොච්චර දුර ගියත්, කොච්චර කථා කළත් ආපහු කැරකිලා එන්නේ එතනටමයි. කවදාවත් ඇත්ත කතා කරන්නේ නෑ. විශයානුබද්ධ නැති සාමාන්‍ය ජනතාවට කිව්වට තේරෙන්නේ නෑ.මේක විශයක් ඒ සඳහා වනවගකීම පවරලා තියෙනවා.

ඒකට පනතක් ගෙනත් තියෙනවා. ඒක වැරදි විදිහට සංශෝධනය කරලා තියෙනවා නිලධාරීන් හා වෙනත් දේශාපලන උවමන එපාකම් අනුව. ඒ වැරැද්ද අපි නිවැරදි කරන්න ඕන. වැරැද්දක් වුණා කියලා අපි පිළිගන්න ඕන.” යනුවෙන් ඇමතිවරයා පවසා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles