Friday, April 26, 2024

‘මේ වගේ ඇමැතිවරු හිටියා නම් බණ්ඩාරනායක මැරෙන්නෙ ඊට කලින්’ – මෛත්‍රීපාලගෙන් ඇමැති මණ්ඩලයටම ප්‍රබල ප්‍රහාරයක් !

රටක නායකයා කොතරම් පිරිසිඳු හා අවංක වුවත් කොතරම් හොඳ දර්ශනයක් තිබුණත්, ඔහු සාර්ථක නායකයකුවීමට නම් අවංක ඇමති මණ්ඩලයක් සිටිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ජාතික සහ අන්තර්ජාතික දේශපාලනයේ සැබෑ ජනතාවාදී නායිකාවක් වීමට හැකිවූයේ එතුමිය සමඟ වැඩ කළ හැකි අවංක ඇමති මණ්ඩලයක් සිටි නිසා යැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 1970 ආණ්ඩුවේ මෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ 1956 ආණ්ඩුවේ සිටි ඇමති මණ්ඩලය 1947න් පසු මේ රටේ ආණ්ඩුවල සිටි ඉතා ප්‍රබුද්ධම ඇමති මණ්ඩල බව කී හිටපු ජනාධිපතිවරයා පසුගිය වසර තුන හතරේ සිටි ආකාරයේ ඇමතිවරු සමයේ සිටියා නම් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනය වූ දිනට බොහෝ පෙර ඝාතනය වීමට ඉඩතිබූ බව ද කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු නායිකා, දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වැනි ගුණසමරුව නිමිත්තෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී අද (10) පැවති සැමරුම් උත්සවයට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles