Tuesday, April 23, 2024

මේ වෙලාවේ ඡන්දෙ තිබ්බොත් අපි පරාදයි

පළාත් සභා කඩිනමින් පැවැත්විට යුතු බවට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ මත මේ වනවිට පලාත් සභා පවත්වන්නේද නැතිද යන්න මහජනතාව අතර කුතුහලයක් නිර්මාණය වෙමින් පවති. එමෙන්ම ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් අතරද විවිද අදහස් මතුවෙමින් පවතින අවධියක පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මොහොතේ ඡන්දයක් පැවැත්වීම ආණ්ඩුවට අවාසියක් බවද ප්‍රකාශ කළේය.

“අපි කවුරුත් දන්නවා ජනතාව කළකිරිලා ඉන්නේ කියලා. මේ වෙලාවේ ඡන්ද තියන්න පුලුවන්කමක් නෑ. මේ නිසා වහාම කරන්න ඕනේ එක පැත්තකින් පනතක් ගෙනල්ලා සංශෝදන කරන්න ඕනේ ඒකට ජනවාරි, පෙබරවාරී වෙන්න පුලුවන්. ඒ එක්කම කරන්න ඕනේ ජනතාවට සහන දීලා කබලෙන් ලිපට වැටෙන එක නවත්තන්න යම් කටයුත්තක් කරන්න. ඒකටත් මාස හත අටක් යන්න පුලුවන් . ඒ ගියාම මම හිතන්නේ ආණ්ඩුව මෙතෙක් ගත්ත බොහෝ තීන්දුවලට ජනතාව එකඟ වෙයි ඉන් පස්සේ අපිට ඡන්දයක් තියලා දිනන්න පුලුවන්. හැබැයි එහෙම නොසිතා හෙට ඡන්ද තියන්න බෑ වගේම තිබ්බොත් ඒක ආණ්ඩුවට වාසි වෙන්නෙත් නෑ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles