Thursday, April 25, 2024

යුක්‍රේන හමුදා ඊයේ දිනයේ දී
තවත් රුසියානු හෙලිකොප්ටර් යානා තුනක් විනාශ කරයි

කෙර්සන් [Kherson] ගුවන්තොටුපලේ නවත්වා තිබුණු රුසියානු හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා තුනක්, යුක්‍රේන හමුදා විසින් විනාශ කර ඇතැයි සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි.

එක්සත් ජනපදය පදනම් කරගත් Planet Labs හි සැටලයිට් ඡායාරූපයෙහි, හෙලිකොප්ටර් ගිනිගෙන ඇති අතර, විශාල කළු දුමාරයක් ගුවන් තොටුපළෙන් නැඟී එන අයුරු දක්නට ලැබේ.

එය යුක්රේන හමුදාව විසින් රුසියානු හෙලිකොප්ටර් යානාවලට එරෙහිව යුක්රේන හමුදාව විසින් සිදු කරන ලද වඩාත්ම විනාශකාරී ප්‍රහාරය වන අතර, අවම වශයෙන් රුසියානු හෙලිකොප්ටර් තුනක් ගුවන් තොටුපළේදී ගිනිගෙන හෝ විනාශ වී ඇති බව දැකගත හැකි විය.

යුක්‍රේන හමුදා මෙම ප‍්‍රහාරය එල්ල කර තිබෙන්නේ මාර්තු පහළොස්වනදා ය.

කෙර්සන් [Kherson] දකුණු යුක්‍රේනයේ ඇති ප‍්‍රධාන නගරයකි.

රුසියානු හමුදා පසුගිය දා කෙර්සන් නගරයේ පාලනය අත්පත්කරගත් බව වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles