Thursday, April 25, 2024

යුද ගැටුම් නිමාවකට රුසියානු ජනපති සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් කිරීම අතිශය වැදගත්

යුද ගැටුම් නිමාවකට පත්කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීම අතිශය වැදගත් බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි නැවත අවධාරණය කරනවා.

එවැනි සාකච්ඡාවකින් තොරව දෙපාර්ශවය අතර මතභේද දුරුකරගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර ගතවූ පැය 24 තුළදී රුසියාව විසින් යුක්රේනයට ගුවන් ප්‍රහාර 300 කට වැඩි සංඛ්‍යාවක් එල්ලකර ඇති බවයි අමෙරිකානු ආරක්ෂක අංශ වාර්තා කර ඇත්තේ.

අමෙරිකානු ආයතන වෙත ඉදිරියේදී රුසියානු සයිබර් ප්‍රහාර එල්ලවීමේ වැඩි අවධානමක් පවතින බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අගවනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles