Thursday, April 25, 2024

යුවලක් විදියට මේ ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි ඉගන ගන්නවා

කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය පවුලක් තමයි ඇන්තනී පවුල. මේ කළා පවුලේ හැමෝම වගේ රංගන ශිපියන් ඉතින් මේ ඇන්තනී පවුලේ හැමෝම ආදරේ කරන චරිතයක් තම මාධවී වත්සලා ඇන්තනී කියන්නේ කළා නිර්මාණ හරහා වගේම ගීත ගායනය හරහාත් මාධවී ගොඩක් ජනප්‍රියයි ඒ වගේම පසුගිය කාලයේ උපන්දින සාදයක් නිසාත් මාධවී පිලිබඳ හැමෝම කතාවෙන්න පටන් ගත්තා. ඉතින් මේ විදියට හැමෝම අතර ප්‍රසිද්ද චරිතයක් වුන මාධවී උපතලබන්නේ 1988 වසරේ අගෝස්තු 06වනදා. ඒ වගේම මාධවීට මේ වනවිට වයස වුරුදු 33ක් පමණ වනවා. මාධවී මුලින්ම විවාහ වෙන්නේ ආලෝක ලියනගේ සමග ඒ 2010 වසරේදී. නමුත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ, මාධවී සහ ආලෝක 2016 වසරේදී පුද්ගලික හේතු කිහිපයක්මත වෙන්වෙනවා, ඉන්පසු ඇය විවාහ වෙන්නේ මිලාන් ධනංජය සිල්වා සමග ඒ 2019 වසරේදී.

කොහොම වුනත් මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මාධවී විවාහ දිවිය පිලිබන්ද පවසන්නේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් තනිකඩ ජීවිතේට වඩා විවාහ ජීවිතේ රහක් තියෙනවා, ඒ වගේම අභියෝගාත්මක බවකුත් තියෙනවා. මමයි මිලානුයි ඉන්නේ ගොඩක් සතුටින්. යුවලක් විදියට මේ ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි ඉගන ගන්නවා. මිලාන් මම වෙනුවෙන් ගොඩක් ලොකු කැප කිරීම් කරලා තියෙනවා. දැන් එයා අපේ මුළු ගෙදරම ලොකු පුතා වෙලා. විවාහ ජීවිතයකට වැඩිපුරම බලපාන්නේ තේරුම් ගැනීම. මිලාන් ගොඩක් හොඳින් මාව තේරුම් අරන් ඉන්නවා මමත් එහෙමයි ”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles