Saturday, April 20, 2024

යොහානි ලබන සතියේ පාර්ලිමේන්තුවට

ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් එය සංවිධානය කර තිබෙනවා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායකවරයා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

එම වැඩසටහන පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles