Thursday, April 25, 2024

රජයේ සේවක වැටුප් දෙකට කඩයි!

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් නව තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව විධායක නොවන රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනයේදී ගෙවීමටත්, විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප නියමිත දිනට දින කිහිපයක් පසුව ගෙවීමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත්තේ.

2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමගින් ජනනය වන අදායම් රැස් කිරීම සඳහා යම් කාලසීමාවක් ගත වන බැවින් රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගත යුතුව ඇති බවයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර ඇත්තේ.

රාජ්‍ය සේවක වේතන එක දිනයේම ගෙවන්න බැරි උනත් දින දෙක තුනකදී හෝ ඒ ගෙවීම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles