Friday, April 19, 2024

රජය පාප් වහන්සේ සහ විදෙස් රටවල් නොමග යවන්නයි මේ හදන්නේ. -කාදිනල් හිමිපාණන්-

අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු ඇමැති ජී.එල්. පීරිස් පාප් වහන්සේ සහ ජාත්‍යන්තර ප‍්‍රජාව නොමග යවමින්සිටින බවට කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් පවසයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද වතිකානුව දැනුවත් කිරීමට රජය ගෙන ඇති පියවරට විරුද්ධත්වය දක්වන මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසන්නේ මේ වන විටත් ශ‍්‍රී ලංකාවේ පල්ලිය විසින් වතිකානුවේ ශුද්ධාසනය දැනුවත් කර ඇති බවය. වතිකානුව විසින් මෙම ගැටලුව පිළිබද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉකිමනින් දැනුම් දෙනු ඇතැයි අපෙක්ෂා කරන බවද අද මාධ්‍ය වෙත අදහස් දැක්වූ කාදිනල්තුමන් පැවසූහ.

කෙසේ වෙතත් මෙය පාප් වහන්සේ සහ ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීම සඳහා ආවරණය කිරීමේ පියවරක් බව කාදිනල්වරයා පැවසීය.

රජය ජාත්‍යන්තරය හමුවට ගියහොත් එයට වෙනත් විකල්පයක් නැති බවද, වතිකානුව විසින් දැනටමත් ජිනීවා වෙත මෙම ප‍්‍රශ්ණය ගෙන යාමට කටයුතු කරමින් සිටින බවද කාදිනල්තුමෝද පැවසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින අය බේරා ගැනීම සඳහා උපායශීලීව කුමන්ත්‍රණයක් ඉදිරියට ගෙන යන අතර රජය සඳහා වාසිදායක වාතාවරණයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බව වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමන් පැවසූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles