Friday, April 19, 2024

රටෙි තැන් තැන්වල ජනතාව උද්ඝෝෂණය කරද්දී ජනාධිපතිවරයාගෙන් මෙවැනි දියාරු පාලනයක් බලාපොරොත්තු වුණෙ නෑ

රටේ තැන් තැන්වල ජනතාව උද්ඝෝෂණ කිරීමට පටන් ගෙන ඇති බවත්,මේ අයුරින් උද්ඝෝෂණ සිදුකරද්දී රටක් ගෙන යා ‌නොහැකි බවත්, ජනාධිපතිවරයාගෙන් මෙවැනි දියාරු පාලනයක් බලාපොරොත්තු නොවුණු බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ කියා සිටියේ දුම්රිය, රෝහල් වර්ජනය කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ඒ සදහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.ජනතාව විධායක බලතල හා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් දුන්නේ ඒ සදහා බවත් උන්වහන්සේ පැවසුහ.

ජනාධිපතිවරයා සතුව තිබෙන විධායක බලතල භාවිතා කර උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩවර්ජන දැඩි ලෙස මර්දනය කළ යුතු බවත් උන්වහන්සේ පවසනවා.

“ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳවැටිලා තියෙනවා. එහෙන් උද්ඝෝෂණ, මෙහෙන් විරෝධතා. මොකක්ද මේ. මේ තෙල් ටික ගහගන්නවා කිලෝමීටර් එකහමාරක් විතර පෝලිමේ ඉඳලා. අවශ්‍ය ගමන යනකොට පාරවල්වල උද්ඝෝෂණ. අපි බලාපොරොත්තු වුණේ නෑ ගෝඨාභය මහත්තයාගෙන් මේ වගේ දියාරු පාලනයක්. මේවා පාලනය කරන්න ඕනෙ. දුම්රිය ස්ට්‍රයික් කරන්න බෑ. රෝහල් ස්ට්‍රයික් කරන්න බෑ. මොකක්ද මේ. තුනෙන් දෙකේ බලයකුත් දීලා තියෙනවා, විධායක බලයකුත් තියෙනවා, ඒකෙන් වැඩේ ගන්නෙ නැත්නම් මොකක්ද ඒකෙ තියෙන ප්‍රයෝජනේ. ඒක නිසා මිනිස්සුන්ගෙන් මේ රටේ භික්ෂුන් වහන්සේලා පවා බැණුම් අහනවා. බැරිවෙලාවක් ඔය රසායනික පොහොර ගැන අපි බලන් හිටියා නම් ඔය තෙල් නැව වගේ, ගෑස් නැව වගේ අපට පොහොර නැව එනකලුත් බලන් ඉන්න වෙනවා. නමුත් වේලාසනින්ම කාබනික එකට ගියා. ඒකෙ අඩුපාඩු එක්ක හරි නැගිටගන්න පුළුවන් නම් ඒක හොඳ එකක්. ඒක මිනිස්සු අතරට ගිහිල්ලා මේක වුණේ මේකයි කියලා හරියට කියන්න කෙනෙක් නැහැ” ගලගොඩ අත්තේ ඥානසාර හිමි කියනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles