Wednesday, April 24, 2024

රටේ නීතිය හා සාමය රැකිය යුතුයි..! – රනිල්

විරෝධතාකරුවන්ට ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයට බාධා එල්ල කිරීමට හෝ යළි ගොඩනැගිලි අත්පත් කිරීමට කිසිදු අයුරකින් තමන් ඉඩ නොතබන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

CNN ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ ” රටේ නීතිය සහ සාමය තිබිය යුතු බවයි.”

රටේ පවතින උද්ඝෝෂණ, විරෝධතාවයන් සහ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ද වැඩබලන ජනාධිපතිවරයා මෙසේ අදහස් පලකර තිබුණා.

” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑමට බාධාවක් වෙන්න එපා. 

රටපුරා හදිසි නිතිය ප්‍රකාශයට පත් කලේ ජුලි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට බාධාවක් ඇතිවුවහොත් එය පාලනය කිරීමටයි.

පොලිසියට, හමුදාවට අප උපදෙස් ලබාදී තිබෙනවා සෑම අවස්ථාවකදීම ගිනි අවි භාවිතා නොකරන්න කියා. නුමුත් විරෝධතාකරුවන් ඇතැම් අවස්ථාවන් වලදී ආරක්ෂක අංශ පහරදී තිබුනත්, අපි ඔවුන්ට නැවත උපදෙස් ලබාදුන්නා හැකි සෑම විටම ගිනි අවි භාවිතා නොකරන්න කියා.” වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles