Friday, March 29, 2024

රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න ඉඩ දෙන්නෙ නෑ

පහුගිය කාලේ කතා කළ දේශානුරාගය දේශප්‍රේමය ස්වෛරිත්වය යන කතා සියල්ල මේ වන විට අහෝසි වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා බහුජාතික සමාගමක් රටේ ස්වෛරීත්වය සියතට ගෙන කටයුතු කරන බවද පැවසීය.එම සමාගමට එලෙස අත්තනෝමතික ලෙස කටයුතු කරන්නට ඉඩ ලබාදෙමින් ආණ්ඩුවක් කරකියා ගත කිසිවක් නැතිව බලා සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට සමහර ඇමතිවරුන් තානාපති කාර්යාල ඉදිරියට ගොස් වැඳ වැටෙන තත්ත්වයට පත්ව ඇතැයිද පැවසීය.රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳව අමතකව ගොස් ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරු රටේ ස්වෛරීත්වය සමග සෙල්ලම් කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

රටක ස්වෛරීත්වය සමග මෙලෙස සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඉඩ දීමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා මේ හිතුවක්කාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව සමගි ජන බලවේගය පෙනී සිටින බවද පැවසීය. පොහොර නැව පිළිබඳව නිර්දේශ නිකුත් කළ ශාක නිරෝධායන ඒකකයේ නිර්දේශ සියල්ල පසෙකට කොට ඇති ආණ්ඩුව ප්‍රමිතියකින් තොර බාල පොහොර ලංකාවට ගෙන එන්නට ඇති අවශ්‍යතාවය කුමක්දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද පැවසීය.

කොරෝනා ව්‍යසනයෙන් ඉගෙන ගත යුතු පාඩම් බොහෝ ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා විශේෂයෙන්ම අන් කවරදාටත් වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය පහසුකම් නැංවීමේ වැදගත්කම එයින් ඉස්මතු වන බවද පැවසීය. විශේෂයෙන්ම මේ ව්‍යසනකාරී මොහොතේ රටේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉටු කළ මෙහෙවර පිළිබඳව කිසිදාක අමතක නො කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා එම මෙහෙවරට රටේ සමස්ත ජනතාවගේ උත්තමාචාරය හිමිවන බවද පැවසීය .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දයාබර මෑණියන් වන හේමා ප්‍රේමදාස මැතිණියගේ 87වන ජන්ම දිනය සිහිපත් කරමින් මෙවර “සමගි ජන බලවේගයෙන් හුස්මක්” විශේෂ වැඩසටහනක් ලෙස ඊයේ (27) ක්‍රියාත්මක කළ අතර ඊට සමගාමීව ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 32 වන පියවර ලෙස රුපියල් ලක්ෂ හැත්තෑ හයක් (රු.7,600,000.00) වටිනා Samsung HS 70 A high end Ultra Sound Scanner යන්ත්‍රයක් මෙලෙස කාසල් වීදියේ කාන්තා රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

සමගි ජනබලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සහ සෞඛ්‍යමය සහන අවැසි ජනතාවට සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව කරන්නකි.

මීට පෙර සමගි ජනබලවේගයේ හුස්මක් වැඩසටහනේ අදියර 31ක් තුල රු 89,634,000ක පරිත්‍යාග සිදුකොට තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles