Wednesday, April 24, 2024

රට තුළ සාගතයක් ඇති වෙන්න ඉඩ තබන්නේ නෑ

රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙවර අයවැයෙන් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.

“සමහර උදවිය රටේ ආහාර හිඟයක් සමඟ සාගතයක් ඇති වන බව සඳහන් කරමින් නොයෙක් විදියේ ප්‍රකාශන කරනවා. ඒ අය බලාපොරොත්තු වන ආකාරයට රටේ සාගතයක් ඇති වෙන්න ඉඩ තබන්නේ නෑ. අපි මෙවර අය වැයෙන් වැඩිපුර අවධානය යොමු කර තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කීරිමටයි.

මෙවර අයවැයෙන් ගමට මුදල් යන ක්‍රමයක් හදලා තියෙනවා. ගම් මට්ටමෙන් කොට්ඨාස හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙවර මුදල් වෙන් කර දී තිබෙන්නේ නිෂ්පාදන අංශ වැඩි දියුණු කිරිමේ අවධානයෙන් යුතුව යැයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙවර අයවැයෙන් සම්පූර්ණයෙන් වර්ෂයටම මුදල් වෙන් කර නොදෙන බවත්, කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නීරික්ෂණය කර මුදල් වෙන් කර දීමට තිරණය කර ඇති බවද අමාත්‍යවරයා කීවේය. මුල් කාර්තුවේදීම සාර්ථක බව පෙන්නුම් කිරිමට අපොහොසත් ව්‍යාපෘති සඳහා නැවත් මුදල් ලබා නොදෙන බවද මෙහිදී අවධාරණය කෙරිණ. දේශීය නිෂ්පාදන ඉහළ නංවා පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ඇති කීරීමට කටයුතු කළ යුතු බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

නිෂ්පාදන ආර්ථිකය තුළ නිෂ්පාදන සඳහා ගෙවන මුදල වැඩි කරනවාට වඩා නිෂ්පාදනය වැඩි කිරිමට අවධානය යොමු කළ යුතු බවද එමඟින් නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් රජයටත් ආර්ථික වාසි සැලසෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles