Wednesday, April 24, 2024

රට පුරා ආපදා… පහළොස් දෙනෙක් මරුට…

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලැබූ බවයි.

දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 23,638 කට පීඩාවට පත්ව සිටින අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 960 කි.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට ගිරිඋල්ල නගරය සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබේ.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මීරිගම මදුරුපිටිය කුකුල් ගොවිපොළක සිරවී සිටි සේවකයින් 38 දෙනෙකු මුදා ගැනිණ.

ඒ ගම්පහ ආපදා කලමනාකරණ ඒකකය හා යුද හමුදාව එක්වයි.

මේ අතර, මා ඔය පිටාර ගැලීම හේතුවෙන් මීරිගම කාමරංකාව ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට විය.

අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට මීරිගම නිවාස 108කට හානි සිදුව ඇති අතර, පුද්ගලයින් 447 දෙනෙකු අවතැන් වී ඇති බවයි.

මහ ඔය පිටාර ගැලීම හේතුවෙන් මහ ඔය නිම්නයේ , අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අධික වර්ෂාව හේතුවෙන් හේතුවෙන් මේ වන විට නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් අකුරැස්ස ,පරදූව ,තෙලිජ්ජවිල වැලිතොට වැනි පහත් බිම් ප්‍රදේශවල කුඹුරු අක්කර 4000 පමණ ජලයෙන් යටවී ඇති අතර මේ වන විට නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, අධික වර්ෂාව හේතුවෙන් බද්දේගම අගලිය මාර්ගය, බද්දේගම නාගොඩ මාර්ගය යන මාර්ගවල ස්ථාන ගණනාවක් ජලයෙන් යට වී ඇති බවයි.

කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීම නිසා කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල පරගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට විය.

අප වාර්තාකරු පැවසුවේ, බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි.

මේ අතර මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මතුවතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට අද රාත්‍රී සහ හෙට දින ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

වර්ෂාව හේතුවෙන් අත්තනගළු ඔයේ ජල මට්ටම වැඩිවීම නිසා ගම්පහ ඒකල මාර්ගය හා ගම්පහ කඳාන මාර්ගය ජලයෙන් යටවී තිබේ.

රාජාංගනය ජලාශය වාන්දැමීම හේතුවෙන් අනුරාධපුර – පුත්තලම මාර්ගයේ වාහන ධාවනයට දැඩි බාධා එල්ලවී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ තවදුරටත් ජල මට්ටම ඉහළ යා හැකි බැවින් එම පහත් බිම්වල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් අද විවෘත කර තිබේ.

ඒ අනුව තප්පරයට ඝන අඩි 10800ක ජල ධාරිතාවක් කලාඔයට මුදාහැරෙන අතර කලාඔය දෙපස පහත්බිම් වල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වැඩිදුරටත් දැනුම් දී සිටී.

මේ අතර අලව්ව තුල්හිරියෙන් කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයත් අලව්ව ගිරිඋල්ල මාර්ගය බෝයවලාන කුඩගම්මන දීත් අලව්ව, නෙළුන්දෙණිය මාර්ගය අලව්ව නගරය අසලිනුත් ජලයෙන් යටවී තිබිණ.

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් ඉහළ මහවැලි කලාපයේ ජල මූලාශ්‍රයන්ට අධික ලෙස වර්ෂාව ලැබීමත් හේතුවෙන් ඉහළ යන ජල මට්ටම පාලනය සඳහා පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු පහක් කඩිනමින් විවෘත කෙරිණ.

මෙමගින් තත්ත්පරයට ඝණ අඩි දහසය දහසක් වික්ටෝරියා ජලාශයට මුදාහැරේ.

තම්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කිරීම මත තබ්බෝව අංක 01 ගම්මානයේ ජනතාව අවතැන් කඳවුරු වෙත යොමු කර තිබේ.

පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 06 කණුව හා 07 කණුව ප්‍රදේශ ජලයෙන් යට වීම නිසා
ගාමනාගමනයට බාධා එල්ල විය.

කළුබුලුඔය උඩුගම්පල ගෙදර ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා හෙට්ටිපොළ නාරම්මල මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී තිබේ.

කුරුණෑගල හලාවත මාර්ගය කොස්වත්ත ප්‍රදේශයේදී පිටාර ගැලීම හේතුවෙන් ජලයෙන් යටවී තිබේ.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රඹාවැව නාරම්මල මාර්ගය ද නෙලුම් කණුව ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇත.

නාගොඩ කුරුපනව දේශයේ පහත්බිම් , අතුරු මාර්ග සහ ප්‍රධාන මාර්ග කිහිපයක් මේ වන විට ජලයෙන් යටව පවතී.

කළු ගඟ පිටාර ගැලීමෙන් දොඩංගොඩ නෑබඩ ප්‍රධාන මාර්ගයත් ජලයෙන් යට විය.

නාවික හමුදා සහ පොලිසිය ුදවාගැනීමේ කටයුතු වල නිරතවෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles