Saturday, April 20, 2024

රට මුහුණ පා සිටින උග්‍ර ඩොලර් හිඟයට රනිල්ගෙන් විසඳුමක්

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රට මුහුණ පා සිටින උග්‍ර ඩොලර් හිඟයට විසඳුම් ඉදිරිපත් කරමින් පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් අනෙකුත් ජාත්‍යන්තර  මූල්‍ය ආයතන මගින් ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බවයි.

වත්මන් අර්බුදකාරී තත්ත්වය යටතේ ලෝකයත් ශ්‍රී ලංකාවත් මුහුණ දී සිටින තත්වය මත රැකියා වලින් ඉවත් කිරීම වැනි කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේදී නොපනවනු ඇති බවත් ඒ මහතා පැවසීය.

රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම හැර වෙනත් විකල්පයක් නැති බවත් ලබන වසර මැද බිලියන 6 කට ආසන්න ණය මුදලක් ගෙවීමට ඇති බවත් ඒ මහතා පවසයි.

විදේශ විනිමය උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇති අවස්ථාවේදී මූල්‍ය අරමුදල වෙත ගිය විට අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද ශ්‍රී ලංකාවට ණය දීමට ඉදිරිපත් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණදෙනු කිරීම අනෙකුත් මූල්‍ය ආයතන වලින් ණය ගැනීමට ලැබෙන සහතිකයක් ලෙසට සැලකිය හැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම රුපියලේ අගය 240 ට තබාගත හැකි වුවද මූල්‍ය අරමුදල සමග ගණදෙනු නොකළහොත් ඩොලරයකට ගෙවිය යුතු මුදල රුපියල් 300 දක්වා ඉහල යාමට ඉඩ තිබෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

පක්ෂ ජ්‍යෙෂ්ඨයන්  සමග සූම්  තාක්ෂණය ඔස්සේ ඊයේ (25)පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles