Thursday, April 18, 2024

රට යළි ගොඩ ගන්න 2025 තෙක් ආයෝජන වැඩි කරයි – මුදල් අමාත්‍යාංශයේ ලේකම්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ශක්තිමත්ව නඟාසිටුවීමට මේ වසරේ පටන් වසර 2025 දක්වා රජය සිදු කරන ආයෝජන වියදම් වැඩිකිරීමට තීරණය කොට ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මින් ඉදිරියට සෑම වසරකම රාජ්‍ය ආයෝජන වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 06 දක්වා සාමාන්‍ය අගයක පවත්වාගෙන යෑමට මුදල් අමාත්‍යාංශය සූදානම් බවද ලේකම්වරයා කීය.

බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීමට මුදල් අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙළ කුමනාකාරයේ එකක් දැයි පැහැදිළි කරමින් ලේකම්වරයා මේ බව කියා සිටියේය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිදු වූ දේශීය හා ගෝලීය අගයදාමයන්හි බිඳවැටීම් වළක්වා ගනිමින් රටේ නිෂ්පාදන හා වෙළෙඳ ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමට තම අමාත්‍යාංශය මේ වනවිට පියවර ගණනාවක් ගෙන ඇතැයි ද එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේය.

අපේ රටේ නිෂ්පාදන පිටරටවල වෙළෙඳපොල දිනාගන්නා තැනට ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළට ගෙන ඒමට උදව් කරමින් ඒ සඳහා වන යටිතල පහසුකම් හා ආයෝජන පහසුකම් දියුණු කිරීම ගතවූ කාලයේ අමාත්‍යාංශය කළ විශාලම කාර්යභාරය බව ද ලේකම්වරයා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles