Wednesday, April 24, 2024

රතන, ජයසුමන, තිස්ස නැටූ ශාෆි නාඩගම අවසන් වෙයි!

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සිය හිඟ වැටුප මෙරටට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙනවා.

ඔහුගේ අත්හිටවූ සේවා කාලයට අයත් හිඟ වැටුප් හා දීමනා ජූලි මස 10 වැනි දිනට ප්‍රථමව යළි ගෙවන ලෙසට පසුගියදා අභියාචනාධිකරණය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට නියෝග කළා.

ඒ අනුව ෂාෆි වෛද්‍යවරයාට හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා ප්‍රදාන ලෙස 2,675,816.48 ක මුදලක් චෙක්පතක් මඟින් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් රට තුළ දැඩි අර්බුදයක් ව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග මිලදී ගැනීම සඳහා මෙම මුදල වෛද්‍ය ෂාෆි විසින් යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් විශාල පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කළා යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල කර තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 වසරේ ජුලි මාසයේදී අධිකරණයට දන්වා සිටියේ මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලින් ඔහුට එරෙහිව නැඟී ඇති චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles