Thursday, April 25, 2024

රත්මලානට ආ සාරා ඉන්දියාව බලා යයි

සැහැල්ලු ගුවන් යානයක නැඟී ලොව වටා සංචාරයක යෙදෙන 19 හැවිරිදි බෙල්ජියම් ජාතික ගුවන් නියමුවරියක වන සාරා රදර්ෆර්ඩ් පෙරේදා (28) රත්මලාන ගුවන්තොටුපොළට පැමිණියා.

ඒ ඇයගේ ලෝක සංචාරය අතරතුර යි.

සාරාගේ බලාපොරොත්තුව වන්නේ, සැහැල්ලු ගුවන් යානාවක නැඟී, ලොව වටා සංචාරය කළ ලාබාලතම ගුවන් නියමුවරිය වීමට යි.

ඇයගේ ලෝක සංචාරය අතරතුර මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර සැහැල්ලු ගුවන් යානාවක නැඟී, ලොව වටා සංචාරය කළ ළාබාලතම ගුවන් නියමුවරිය වීම ඇයගේ බලාපොරොත්තුව බව මෙහිදී ඇය සඳහන් කළාය.

මෙම සංචාරය තුළ දී ඇය රටවල් 52ක සිය ගුවන් යානය ගොඩබැස්වීමට සැලසුම් කර ඇති අතර, දෙවරක් සමකය හරහා යෑමටත් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

සාරා මෙම සංචාරය තුළ දී බලාපොරොත්තු වෙන්නේ, තිස් හැවිරිදි අමෙරිකානු ජාතික ගුවන් නියමුවරියක වෙන ‘ශෙෂ්ටා වයිස්’ විසින් වසර 2017 දී පිහිට වූ වාර්තාව බිඳ හෙළීමට යි.

ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා සිය පළමු ගුවන් නියමු අද්දැකීම ලබාගන්නේ, ඇයට යන්තම් වසර 14ක් පිරෙද්දියි.

ඇය සිය ගුවන් නියමු බලපත්‍රය වසර 2020 දී ලබාගන්නා විට ඇයගේ වයස අවුරුදු 17 කි.

ශාක්.යූ.එල් වර්ගයේ අතිසැහැල්ලු ගුවන් යානාවකින් ඇය මෙම ලෝක සවාරියේ යෙදෙන අතර, එම ගුවන් යානය සැහැල්ලු ගුවන් යානා අතර තිබෙන වේගවත් ම ගුවන් යානාවක් ලෙසින් ද සැලකෙනවා.

ලොව වටා ගුවන් යානයකින් සංචාරය කල ළාබාලතම කාන්තාව වෙමින් ගිනස් වාර්තාවක් තැබීම සාරා ගේ අරමුණ වෙයි.

සාරා රදෆර්ඩ් සිය සංචාරයේ මීළග නැවතුම්පොල ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අමෙරිකාව, බ්‍රිතාන්‍යය, රුසියාව ඇතුලු රටවල් 19 ක සංචාරය කිරීමෙන් පසුවයි.

ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා සිය පළමු ගුවන් නියමු අද්දැකීම ඇයට වසර 14 දී ලබා තිබෙන අතර සිය ගුවන් නියමු බලපත්‍රය වසර 2020 දී ලබාගන්නා විට ඇයගේ වයස අවුරුදු 17ක් බව වාර්තා වෙයි. ශාක්.යූ.එල් වර්ගයේ අතිසැහැල්ලු ගුවන් යානාවකින් ඇය මෙම ලෝක සවාරියේ යෙදෙන අතර, එම ගුවන් යානය සැහැල්ලු ගුවන් යානා අතර තිබෙන වේගවත් ම ගුවන් යානාවක් ලෙස සැලකේ.

බෙල්ජියම් ජාතික සාරා මෙම සංචාරය අතරතුර දී අත්ලාන්තික් සයුර හරහා ග්‍රීන්ලන්තය, කැනඩාව, දකුණු අමෙරිකාව හරහා ඇලස්කාව දක්වාත් එතැනින් රුසියාව හා ඉන්දුනීසියාව දක්වාත් ගමන් කිරීමට නියමිතව තිබෙන අතර ඉන් අනතුරුව ඇයගේ මෙම ත්‍රාසජනක චාරිකාව යුරෝපය දෙසට යොමු වෙයි. අගෝස්තු 18 වැනි දා බෙල්ජියමේ රසල්ස් නුවරින් ආරම්භ කෙරුණු මෙම ලෝක චාරිකාව මාස තුනක කාලයක් තුළ දී අවසන් කිරීමට නියමිතව තිබේ.

සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා සංචාරයක නිරත මෙම තරුණිය සිය මීළග ගමනාන්තය ලෙස අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles