Friday, April 19, 2024

රථ වාහන අංක තහඩු මෙරටදීම නිපදවීමට සැලසුම් කෙරේ

රථ වාහන අංක තහඩු මෙරටදී නිෂ්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව විදේශ විනිමය මෙරටට ඉතිරි කර ගැනීමේ අරමුණින් රථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

දැනට දේශීය පෞද්ගලික සමාගමක් හරහා ක්‍රියාත්මක වන වාහන අංක තහඩු කොටස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව 2024 වසරේ සිට අවසන් වීමට නියමිත අතර එම වසරේ සිට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින් මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීම ඇරඹීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, වසරකට රුපියල් මිලියන 600 ක් පමණ මුදලක් මෙරට තුල ඉතිරි වන බවයි රජය පෙන්වා දෙන්නේ.

වාහන අංක තහඩු මෙරට නිෂ්පාදනය කිරීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 144ක් ඉතිරි කරගත හැකිවන බවට ගණන් බලා ඇත.

එසේම වාහන අංක තහඩු වාහන හිමියන්ට ඉතා අඩු මුදලකට ලබා දීමටද රජයේ අවධානය යොමුවී තිබෙි..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles