Tuesday, April 23, 2024

රඹුක්කන යුද පිටියක් වෙයි. අයෙක් මරුට!

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාවයක් හේතුවෙන් රඹුක්කන ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මැඩ පැවැත්වීමට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද අලුයම 1.30 ආරම්භ කළ මෙම විරෝධතාවය නිසා උඩරට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නවතා දැමුණු අතර මාර්ග අවහිරතාව නිසා මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්වුණා.

ටයර් පුළුස්සමින්, විරෝධතාවයේ නිරත ජනතාවට පොලීසිය අවම බලය යොදවා ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් කුපිත වූ ජනතාව මර්දනය පිණිස පොලීසිය වෙඩි තබා ඇත.

මෙම සිදුවීමෙන් තුවාල ලැබු පුද්ගලයින් 10 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී සඳහන් කර සිටියේ.

තුවාල ලබා සිටින අනෙකු පුද්ගලයින් 09 දෙනා ගෙන් දෙදෙනෙකු ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්‍යක්ෂිකාව සඳහන් කලේ. රෝහල් අධ්‍යක්ෂිකාව සඳහන් කලේ තුවාලකරුවන්ට ඇතිවී තිබෙන තුවාල වෙඩි පහරවල් හේතුවෙන් ඇතිව ඇති බවයි.

UPDATES : 7.43 P.M

තුවාල ලැබු ගණන 24 දක්වා ඉහළට.පොලිස් නිලධාරින් 8 දෙනෙක් ඒ අතර.තුවාලකරුවන් 4කට බරපතලයි.දෙදෙනෙක් ශල්‍යකර්මයකට ලක් කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles