Friday, March 29, 2024

රවීට එරෙහි බැඳුම්කර නඩුව කැඳවීමට දින නියම වෙයි

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 25 වන දා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15 ක පමණ වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුව අද අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුවට අදාළ ලේඛන විත්තියේ නීතිඥවරු වෙත භාර දුන්නා.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අද දින ලබාදුන් ලේඛන අධ්‍යයනය කර අඩුපාඩු තිබේනම් ඒවා අධිකරණයට දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ නඩුව ඔක්තෝබර් මස 25 වනදා කැඳවීමට ද නියම කළා.

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15 ක පමණ වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles