Thursday, April 18, 2024

රහුමාන් ඉල්ලා අස්වෙයි!

සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් අද පෙරවරුවේ ඉල්ලා අස් විය.

ඔහු මෙසේ ඉල්ලා අස්වූයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය.

තමා එම තනතුර සඳහා ඉදිරිපත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයිද ඔහු  සඳහන් කළේය.

පසුගිය මහමැතිවරණයේ දී තමාට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්ද අසූ හත් දහසක් ලබාදුන් බවත් ඒ කෘතවේදී ජනතාව ට තමා මේ අවස්ථාවේදී ස්තූතිය පුද කරන බවත් මුජුබර් රහුමාන් මහතා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles