Friday, March 29, 2024

රාජපක්ෂලා එක්ක මම ආණ්ඩු කරන්නේ නැහැ

යහපාලන ආන්ඩුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් ඊයේ පැවති අතර ගොඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපයට සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කිරීමත් සමග දැඩි උණුසුම් තත්වයක් මතු විය.

සරත් ෆොන්සේකා මහතා ජෝන් සෙනෙවිරත්න මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ මාධ්‍යවල පළවන වාර්තා සත්‍යයද යන්නයි. එසේම රාජපක්ෂ පවුල් පාලනය පරාජයට පත් කර 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව තීන්දුවක් දුන්නේ නැවතත් එම දූෂිත පාලකයින් මෙරටේ නායකත්වයට ගෙන ඒමට නොවන බවත් එසේ කවුරුන් හෝ කරන්නේනම් එය ජනවරමට පයින් ගැසීමක් බවත් උස්හඬින් කියා සිටියේය.

මෙහිදී එහිදී පිළිතුරුදීමට නැගී සිටි අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා, එවැනි සාකච්ඡාවක් තමා කර ඇති බවද තවම අවසන් එකඟතාවයක් නොමැති බවත් එය සාකච්ඡා මට්ටමේ පවතින කාරණයක් බවත් කියමින් කරුණු දක්වන්නට විය. මේ අවස්ථාවේ මෙම කතාව අසා සිටි මූලාසනයේ සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ කතාවට බාධාකරමින් කේන්තියෙන් යුතුව අදහස් දක්වන්නට විය.

“රාජපක්ෂලා එක්ක මම ආණ්ඩු කරන්නේ නැහැ. ඔය මිනිහ මට කරන්න ගිය දේ මට මතකයි. මම මැරිලා ඉපදුනේ නැහැ” යනුවෙන් තදින් කියා සිටින ලදී. ජනාධිපතිවරයා උස් හඬින් කේන්තියෙන් අදහස් දක්වද්දී ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා සහ ගොඨාභය ශ්‍රීලනිපයට එක්කරගැනීමට මැදිහත්වෙමින් සිටි පිරිසගේ මුහුණු මැලවෙන්නට විය. කරකියාගත දෙයක් නොහැකි වූ එම ශ්‍රීලනිප කණ්ඩායම ඉන් පසුව කිසිඳු අදහස් දැක්වීමකින් තොරව නිහඬවිය.

මේ අතර ගෝඨාභය ශ්‍රීලනිපයට එක්කරගැනීම සම්බන්ධයෙන් ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට එක් වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද අදහස් දක්වා තිබිණ. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒමට උත්සාහ කරනවානම් තමා රජය සමග නොසිටින බවද මේ රජය බලයට ගෙනාවේ රටේ තිබෙන දූෂණය අතුගා දැමීමට මිසක් දූෂිතයන් නැවත බලයට ගෙනඒමට නොවන බවත් ප්‍රකාශ කොට තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles