Thursday, April 25, 2024

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂගේ පැමිණිල්ලට අනුව විමර්ශන අරඹයි

පාස්කු ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පුද්ගලයින් සිදුකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට අද (27) දන්වනු ලැබුවා.

2019 වසරේ සිදු වූ පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව සිදුකර ඇති ද්වේෂසහගත චෝදනාවන් ගණනාවකට විරෝධය පළ කරමිනුයි, ඔහු මෙම පැමිණිල්ල පසුගිය සඳුදා ගොනු කරනු ලැබුවේ.

එම ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන් බව පසුගිය 23 වන දා පැවති සංවාද මණ්ඩපයකට එක්වෙමින්, සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති බවයි, රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් දක්වා තිබුණේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles