Thursday, April 18, 2024

රාජ්‍ය මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථකයි නඩත්තුවට මසකට රැපියල් කෝටි හතරකට වඩා වැඩි මුදලක් යනවා.තව දුරටත් රජයට දරාගන්න බෑ – ජනමාධ්‍ය ඇමති කියයි

රජයේ මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බවත් එක් රජයේ මාධ්‍ය ආයතනයක් නඩත්තු කිරීමට මාසයකට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැයවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළ යුතු වන  බව  මෙහිදී පැවැසූ ජනමාධ්‍ය ඇමැතිවරයා  රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ ප’සුබෑමක් පවතින බව  තමා පිළිගන්නා බවද සඳහන් කළේය.


එය නිවැරදි කිරීමට  කඩිනමින් පියවර ගත යුතු බවත් සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) වෙනිදා  පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
මේ අතර  රූපවාහිනී නාලිකාවන්හි  ප්‍’රචණ්ඩකාරි සහ ළමයින්ට නොගැලපෙන අන්තර්ගතයන් සහිත චිත්‍රපට ප්‍රචාරය වන බැවින් ඒවා ප්‍රචාරය සඳහා සුදුසු ගුවන් කාලයන් නිර්දේශ කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ  වැදගත්කම මෙහිදී සාකච්ඡා කෙරිණ.
පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේදී   ඉතා වැදගත් කරුණු මගහැරෙන හෙයින්  පාර්ලිමේන්තුව තුළ සිදුවන රටට වැදගත් අ’ණ ප’නත් ඉදිරිපත් කිරීම්, සම්මත කිරීම් මෙන්ම වැදගත් විවාද ආදිය ඇතුළත් කොට විශේෂ වැඩසටහනක් විකාශය කිරීමේ අවශ්‍යතාව මෙහිදී ‍සාකච්ඡාවට ලක් විය.


ඒ පිළිබඳව අවධානය යොමු කරන්නැයි ඇමැතිවරයා රජයේ මාධ්‍ය ආයතනවලට උපදෙස් දුන්නේය.
උතුරේ ජනතාවගෙන් සියයට 85ක් පමණ ඉන්දියානු ටෙලිවිෂන් චැනල නැරඹීමට හුරු වී සිටීම  හේතුවෙන් එම ප්‍රදේශවල දරුවන් තුළ මෙරටේ සිදුවීම් පිළිබඳ සාමාන්‍ය දැනුම අවම  බව මෙහිදී අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ නේත්‍රා නාලිකාව ඔස්සේ පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෙමළ දරුවන්ට  පෙරවරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා අධ්‍යාපනය ලබාදෙන බවයි.


මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන තොරතුරු මෙරට දමිළ  ජනතාවට සම්ප්‍රේෂණය නොවීමේ ගැටළුවක් පවතින බව පැවසීය. රාජ්‍ය මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට දමිළ  සමාජිකයන් පත් කිරීමේ අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දුන්නේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles