Thursday, March 28, 2024

රාජ්‍ය සේවකයන්ට අලුත් චක්‍රලේඛයක් එද්දී පාසල් වැසේ!

රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ.

චක්‍රලේඛයට අනුව එදිනෙදා රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් සේවා ස්ථානය වෙත කැඳවීය යුතුය.

හැකි සෑම අවස්ථාවකදීම නිලධාරීන්ට නිවසේ රැඳී සිටිමට ඉඩදී ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

ජනතාව සමග සෘජුවම ගනුදෙනු කරන ආයතන වෙත නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම අදාළ අමාත්‍යාංශ ලේකම් හෝ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය ඇතිව සිදු කිරීමට ආයතන ප්‍රධානීන් වග බලා ගත යුතුය.

මෙම කාලය තුළ ඉන්ධන උපරිමයෙන් පිරිමසා ගත හැකි ආකාරයට නිලධාරීන්ගේ ගමන් බිමන් සීමා කළ යුතු අතර සියලු රැස්වීම් සහ සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට(ජුනි 27) සිට ලබන 01 වැනිදා (ජුලි 01) දක්වා සතිය තුළ පාසල් නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එමෙන්ම 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුළ පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හි පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනු ඇති.

එමෙන්ම ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම දිනයන්හී පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා පෞද්ගලික නිවාඩු ලෙස සටහන් නොකරන ලෙස ද මේ වන විටත් දැනුම් දී තිබේ.

එහෙත් එම සතිය තුළ පාසල් පවත්වාගෙන යාම පිළිබඳ යම් ගැටලුකාරි තත්ත්වයක් පවතින්නේ නම් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් පළාතේ ගරු ආණ්ඩුකාරවරුන් දැනුවත් කර එම තීරණයට අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙනු දෙයි.

2022 ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ අ.පො.ස උසස් පෙළ සඳහා වාර පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර ඇත්නම් එම වාර පරීක්ෂණ සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද දන්වනු ලැබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර ඊයේ(25) නිවේදනය කරනු ලැබුවේ, පසුගිය සතියේ වසා දමා තිබූ නගර ආශ්‍රිත පාසල් දින 03ක් පවත්වන ලෙසය.

නමුත් පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් එම තීරණය වෙනස් කර බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles