Thursday, April 25, 2024

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමික පුරවැසියන්ට රුපියල් 5,000 ක දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමික පුරවැසියන්ට රුපියල් 5,000 දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

මාසික වැටුප් ලබන ස්ථිර / තාවකාලික සහ කොන්ත්‍රාත් නිලධාරීන්ට දෛනික වැටුප් ලබන නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට මෙම දීමනාව සඳහා හිමිකම් පවතිනවා.

වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධාරීන්ට මෙම දීමනාව සඳහා හිමිකමක් ලැබෙන්නේ නැහැ. අඩ වැටුප් නිවාඩු ලබා ඇති නිලධාරීන්ට හිමිවන්නේ මෙම දීමනාවෙන් අඩක් පමණයි.

දෛනික වැටුප් ලබන පුද්ගලයන් සඳහා සේවයට වාර්තා කළ යුතු සම්පූර්ණ දින ගණනම සේවයට වාර්තා කර ඇත්නම් සම්පූර්ණ දීමනාව ගෙවිය යුතු අතර එසේ සේවයට වාර්තා කර නොමැති නම් සේවයට වාර්තා කළ දින ගණනට අනුපාතිකව දීමනාව ගෙවිය යුතුයි.

කිසියම් අයෙක් විශ්‍රාම වැටුප් කිහිපයක් හෝ විශ්‍රාම වැටුප සමග වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුපක් හෝ ලැබුව ද එවැනි අයෙකුට හිමිවන්නේ ද මාසයකට රුපියල් 5000ක ඉක් දීමනාවක් පමණයි.

පවතින විධි විධාන අනුව නැවත සේවයේ යොදවා ඇති විශ්‍රාමිකයින් සඳහා හිමිවනුයේ විශ්‍රාම වැටුප සමග හිමිවිය යුතු දීමනාව පමණක් බව සඳහන්.

විශ්‍රාමිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම පිළිබඳ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් වැඩිදුර පැහැදිලි කිරීම් ලබාදෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles