Friday, April 19, 2024

රාජා කොල්ලුරේ දිවි ගමනට සමු දෙයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද (7) අලුයම අභාවප්‍රාප්තව ඇත.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඒ මහතා පසුගිය තුන්වැනිදා K.D.U. රෝහලට ඇතුළත් කර තිබුණා.

මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඔහු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වශයෙන්ද කටයුතු කළේය.

මියගිය විට 83 හැවිරිදි වියෙහි පසුවූ ඒ මහතා සහ බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද්දේ මීට දින කීපයකට පෙරය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles