Thursday, March 28, 2024

රාජිත ජනපතිට ස්තූතිය පල කරමින් ලිපියක් යවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පොහොර සම්බන්ධ මේ අවස්ථාවේ දී ඔබ විසින් ගත් වැරදී තීරණය ආපස්සට හැරවීමට ගත් තීරණය ගැන ස්තූතිය පුද කර තිබෙනවා.

ඒ ලිපියක් යොමු කරමින්.

රාජිත සේනාරත්න මහතාගේ ෆේස්බුක් පිටුවේ සටහන් වන පරිදි එම ලිපිය පහතින් වේ

ගරු ජනාධිපතිතුමනි, ඔබට ස්තූතියි !

වැරදි පාරක,
වැරදි වේගයෙන්
මුළු රටම රැගෙන යන ඔබතුමා,
පොහොර සම්බන්ධ කාරණයේදිවත්
විෂයෙහි ප්‍රවීණයන්ගේ සහ
ක්⁣ෂේත්‍රයේ නියුතු
ගොවි ජනතාවගේ හඬට (ප්‍රමාද වී හෝ) කන්දීම
‘රටේ’ වාසනාවකි..
මාස ගණනාවක් තිස්සේ.. රටපුරා ගොවින්, මහපාරට පැමිණ සිදුකළ විරෝධතා
තඹයකට මායිම් නොකළ ඔබතුමා,
ඔබ වටා කැරකෙන
පාපී ග්‍රහයන්ගේ
වැරදි උපදෙස් නිසා හෝ රටේ ඩොලර් නැතිකම නිසා
මනස අවුල් වී
සිටින්නට ඇත.
පිහිය
රත්තරන් වු පමණින් ඇන ගැනීමට නොහැකි සේම,
කාබනික ගොවිතැන ද..
එක්වර, සම්පුර්ණයෙන්ම,
එක් රැයකින් ගොවියන්ගේ බෙල්ලෙන් අල්ලා සිදුකළ නොහැක.
රටපුරා ගොවීන්ගේ අස්වනු අඩු වී..
වගාවන් අඩපණ වී.. ඔවුන්ගේ
ආදායම් අහිමී වී..
මුළු කෘෂිකාර්මන්තයම කඩා වැටෙන තත්වයට පත්වන තුරු,
‘පොහොර සම්බන්ධව’ ඔබ වෙත පටවනු ලැබු ස්ථාවරය වැරදි බව
ඔබ හට නොතේරීම, ගොවියන්ගේ කරුමයකි..
රටේ පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත් විට..
රු 80-90 ට තිබුණු එළවළු කිලෝව,
රු 300 – 350 දක්වා මිල ඉහල යනතුරු,
රටේ ජනතාවගේ
ආහාර සුරක්ෂිතතාවය අනාරක්ෂිතවන තුරු,
‘පොහොර සම්බන්ධව’ ඔබ වෙත පටවනු ලැබු
වැරදි දැනුම මත,
ඔබ විසින් එලඹුනු ස්ථාවරය වැරදි බව නොතේරිම,
රටේ පාරිභෝගිකයන්ගේ කරුමයකි.
ගෙවුණු වසර දෙක පුරා..
ඔබ වටා සිටින
පාපි ග්‍රහයන්ගේ
වැරදි උපදෙස් මත,
ඔබ ගනු ලැබු වැරදි තීන්දු,
‘නොබෝ දිනකින් ‘
ආපසු හරවුනු ලැබීම
නිතර නිතර සිදුවුවකි..
ඒ සෑම අවස්ථාවකම පාහේ,
ඔබේ
නොතේරුම්කමත්,
දේශපාලනයේ නොමේරුකමත් ගැන
මම ද විවේඡනය කර ඇත.
නමුත්,
පොහොර සම්බන්ධ
මේ අවස්ථාවේ දී
ඔබ විසින් ගත්
වැරදී තීරණය
ආපස්සට හැරවීමට
ඔබ ගත් තීරණය ගැන
මම ඔබට බොහෝ සෙයින් ස්තූතිවන්ත වෙමි..
විපක්ෂයක් ලෙස අපත්,
රටේ මුළු මහත් ගොවිජනතාවත් සිදුකළ
බලපෑම හමුවේ,
ඔබ
දැන්වත් අඩිය පස්සට
නොගන්නා නම්,
රටේ ජනතාවට සිදුවන්නේ
සාගතයෙන් මියයාමටය.
ඔබ විසින්ම
නිර්මාණය කරමින් තිබූ සාගතයෙන්,
ඔබ විසින්ම රටේ ජනතාව බේරාගැනිම ගැන
මුළු රටම
ඔබට ස්තූතිවන්ත වියයුතුය.
මෙයට
ස්තූතිපූර්වක
රාජිත සේනාරත්න
(පා.ම – ස.ජ.බ)
2021-11-22

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles