Thursday, April 25, 2024

රිටි පැනීමෙි ඉසවිවෙන් සචිනි පෙරේරා නව ශී‍්‍ර ලංකා වාර්තාවක් තබයි

57 වැනි යුද හමුදා මළල ක‍්‍රීඩා තරඟාවලියේදී තුන්වන දවස වන ඊයේ (24) දිනය නිමා වන විට නව ශ‍්‍රී ලංකා වාර්තාවක්, නව යුද හමුදා තරඟ වාර්තා තුනක් සහ තරගාවලි වාර්තා 08ක් ඇතුළුව තරඟ වාර්තා 12ක් බිහි කිරීමට ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වී තිබෙනවා.

කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 3.60ක උසක් වාර්තා කරමින් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහි කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ සචිනි පෙරේරා ක‍්‍රීඩිකාව සමත් වූ අතර එහි දෙවැනි ස්ථානය මිටර් 2.10ක උසක් වාර්තා කළ ටී. එන්. විජේසූරිය සමත්වුණා.

පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 5.00ක උසක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට ශ‍්‍රීලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉන්ජිනේරු බලකායේ පුවිදරන් සමත් වූ අතර ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ එච්.එස්.ඊ. ජනිත් කී‍්‍රඩකයාද එම ඉසව්වෙන් එම උසම වාර්තා කරමින් පුවිදරන්ගේ වාර්තාව සම කරනු ලැබුවා.

කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ජය ගැනීමට නිලානි රත්නායක දිනාගත් අතර එහිදී ඇය වාර්තා කළ කාලය මිනිත්තු 10.08.09ක්.

මිනිත්තු 11:04.06ක කාලයකින් තරඟය නිමා කළ එම්. පී. හේරත් එහි දෙවැනි ස්ථානයත්, මිනිත්තු 11:14.23කින් තරඟය අවසන් කළ එස්. එන්. බණ්ඩාර එහි තෙවැනි තැනත් දිනා ගැනීමට සමත් වුණා.

පිරිම හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගැනීමට එස්. ජේ. රණසිංහ සමත් වූ අතර එහිදී මීටර් 75.91ක දුරක් වාර්තා කරනු ලැබුවා.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය මීටර් 75.24ක දුරක් වාර්තා කළ පී. රණවක හිමි කරගනු ලැබූ අතර මීටර් 73.15ක දුරක් වාර්තා කළ එල්. දයාරත්න එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles