Wednesday, April 24, 2024

රුපියල පා කල ආකාරය වැරදියි – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල පා කර තිබෙන ආකාරය වැරදි බවත් මේ නිසා ඉදිරියේදී කුමකින් කුමක්වේදැයි පුරෝකථනය කිරීම අපහසු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වනවිට රුපියල පා කර තිබෙන්නේ තිරිංග නොමැති වාහනයක් මහ පාරට දමා තිබෙන ආකාරයට බවයි.

මීට පෙර මහ බැංකුවේ අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ඒ. එස්. ජයවර්ධන මහතාද රුපියල පා කිරීමට කටයුතු කළ නමුත් එවිට වාහනය මහ පාරට දැම්මේ තිරිංග සහිතව බවද ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට ඒක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles