Friday, April 19, 2024

රුසියානු රොකට් ප්‍රහාරයකින් සම්මානලාභී සුප්‍රසිද්ධ යුක්‍රේන නිළියක් මරුට

යුක්‍රේන රංගන ශිල්පිනියක් වන ඔක්සානා ෂ්වෙට්ස් (Oksana Shvets) රුසියානු රොකට් ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

එරට කිව් අගනුවර පිහිටි නිවාස සංකීර්ණයකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් ඇය මෙලෙස මිය ගිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔක්සානා ෂ්වෙට්ස් මියයන විට 67 වන වියෙහි පසු වූ අතර ඇය යුක්‍රේනයේ කලාකරුවන් සඳහා පිදෙන ඉහළම කලාත්මක සම්මානයෙන් ද පිදුම් ලබා තිබුණා.

රුසියානු රොකට් ප්‍රහාරයකට ගොදුරුව කීව් අගනුවර නිවහන් ගොඩනැගිල්ලක සිටි සුප්‍රකට යුක්‍රේන රංගන ශිල්පිනයක වන ඔක්සානා ෂ්වෙට්ස් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තාවනවා.

මේ අතර රුසියානු ප්‍රහාරවලට ගොදුරු වූ මරියුපොල් නුවර රඟහලේ රැකවරණ ලබමින් සිටි විශාල පිරිසක් මියයන්නට ඇති බවයි යුක්රේන බලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම උතුරුදිග චර්නිව් නුවර සිවිල් වැසියන් 53 දෙනෙකු ද රුසියානු ප්‍රහාරවලින් මියගොස් ඇති බව සඳහන් වෙි.

මේ අතර රුසියානු ප්‍රහාරයෙන් විනාශයට පත් මරියුපොල් නුවර රඟහල නැවත ඉදිකර දීමට ඉතාලිය ප්‍රතිඥා ලබා දී තිබෙනවා.

පෙබරවාරි 24වනදා රුසියාව විසින් යුක්‍රේනයේ හමුදා මෙහෙයුමක් ආරම්භ කළේය. 

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මෙම විශේෂ මෙහෙයුම යුක්‍රේන හමුදා යටිතල පහසුකම් පමණක් ඉලක්ක කර ගනිමින් බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අනුව, ගැටුම ආරම්භයේ සිට යුක්‍රේනයේ සිවිල් වැසියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් 1,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles