Friday, March 29, 2024

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම්
ජනපති හමුවෙයි

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් මහතා අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බුද්ධි සේවයේ සහ රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ දීර්ඝ අත්දැකීම් රැසක් සහිත නිකොලායි පට්රුශෙව් මහතා 2008 වසරේ සිට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බුද්ධි සේවයේ (KGB) සහ රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ දීර්ඝ අත්දැකීම් රැසක් සහිත නිකොලායි පට්රුශෙව් මහතා 2008 වසරේ සිට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතාවට 2022 පෙබරවාරි 19 වන දිනට 65 වසරක් සපිරේ. නිකොලායි මහතාගේ මෙම සංචාරය මගින් දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කෙරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නිකොලායි මහතා මෙරටට රැගෙන ආ ස්පුට්නික් එන්නත් මාත්‍ර 5,000ක ප්‍රදානය හා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රුසියාව ලබාදුන් සහායත්, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුසියානු ජාතිකයින් 49,379 දෙනෙකු පසුගිය වසරේ මෙරට සංචාරය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.
රුසියානු ජීඑස්පී (GSP) ක්‍රමය යටතේ සිදුකරන අපනයන නිෂ්පාදන පුළුල් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ. කොළඹ වරාය නගරය, බලශක්ති, ඖෂධ නිෂ්පාදන, තොරුතුරු තාක්ෂණ, කෘෂිකර්මාන්ත සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට රුසියානු ආයෝජකයන්ට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස, දියුණු වෙමින් පවතින රටවල සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් රුසියාව වෙත ප්‍රශංසාව පළ කළ ජනාධිපතිතුමා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන් දැඩි සහයෝගයට කෘතඥතාව පළ කළේය.
ත්‍රස්තවාදයට එරෙහි ලංකාවේ සටනේ දී රුසියාව ඉමහත් සහයෝගයක් දක්වන ලදි. බුද්ධි තොරතුරු හුවමාරුව, ත්‍රස්තවාදී කටයුතු වෙනුවෙන් සිදුකරන මුදල් යෙදවීම් නැවැත්වීම ඇතුළුව අන්තවාදී, ත්‍රස්තවාදී සහ සයිබර් තර්ජන කටයුතු නැවැත්වීම වෙනුවෙන් දෙරට අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමට
ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපතිතුමා නිකොලායි පට්රුශෙව් මහතා සමග පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles