Thursday, April 18, 2024

රුසියාවට යුධ උපකරණ දෙන්න එපා – බයිඩ්න් චීන ජනාධිපතිට කියයි

යුක්රේනයට එරෙහිව සටන් වැදීම සඳහා රුසියාවට කිසිදු ආකාරයකින් යුධමය උපකරණ ලබාදීමෙන් වළකින්නැයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් චීන ජනාධිපති ෂී ජිංපිං ට දැනුම්දී තිබෙනවා.

ඒ යුක්රේන – රුසියා ගැටුම් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඊයේ පැවති දුරකථන සංවාදයේදීයි.

පැය දෙකක කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී රුසියානු යුක්‍රේන යුද්ධයේදී රුසියාවට සහය දක්වන්නේ නම් චීනයට ඉතා දැඩි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින් පින් හට දන්වා තිබෙනවා.

චීන ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ සියලු පාර්ශව සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගත යුතු බවයි.

කෙසේවෙතත් ජෝ බයිඩන් ඒ සඳහා එකඟතාව පළ නොකළ බව සඳහන් වේ.

රුසියාවට යුදමය සහ ආර්ථිකමය වශයෙන් සහය දක්වන බවට චීනයට චෝදනා එල්ල වී ඇති පසුබිමකයි ජනපතිවරුන් දෙදෙනා මෙසේ දුරකථන සංවාදයක නිරත වී තිබුණේ.

රුසියාවට සහය දැක්වුවහොත් චීනයට මුහුණ දීමට සිදුවන ප්‍රතිවිපාක කවරේද යන්න පිළිබඳව මෙහිදී සඳහන් කර නැහැ.

මීට අමතරව චීන තායිවායන අර්බුදය සම්බන්ධයෙන්ද ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී සිය අවදානය යොමු කර තිබුණා.

තායිවානය සම්බන්ධයෙන් ඇමරිකාව දරණ ප්‍රතිපත්ති වල කිසිඳු වෙනසක් නොමැති බවත් තායිවානය සම්බන්ධයෙන් චීනය දක්වනු ලබන ඒකපාර්ශ්වික මැදිහත් වීම් වලට තමන් දිගින් දිගටම විරුද්ධ වන බවත් ජෝ බයිඩන් මෙහිදී ප්‍රකාශ කර තිබුණා.

චීනය සිය කලාපය තුල යුද බලය ශක්තිමත් කරමින් සිටින අතර මෙහිදී කලාපය තුල හමුදාවන්ද වැඩි කර තිබෙනවා.

මෙම සාකච්ඡාව ආරම්භ වීමට පැය කිහිපයකට පෙර ද තායිවාන සමුද්‍ර සන්ධිය හරහා චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ගමන් කර තිබු බවයි Mail Online වාර්තා කළේ.

පසුගිය නොවැම්බර් මාසයෙන් පසුව දෙරටේ නායකයින් දෙපළ සාකච්ඡා කළ පළමු අවස්ථාවද මෙය වනවා.

තායිවානය සම්බන්ධයෙන් පැන නැගී තිබූූ තත්වය මේ සඳහා බලපා තිබුණා.

එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් පළමු රථ පෙළ ද යුක්‍රේනයේ සුමී නගරයට පැමිණ ඇති බව වාර්තා වේ.

රුසියානු – යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් පුද්ගලයින් මිලියන 6.5ක පමණ පිරිසක් යුක්‍රේනය තුළ අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles