Thursday, April 25, 2024

රුහුණු පොත් වසන්තය ඇරඹේ!

රුහුණු පොත් වසන්තය මාතර උයන්වත්ත ක්‍රීඩාගනයේදී  අද ආරම්භ වනවා. Ruhunu Book Fair ලෙස නම් කර ඇති එය අද සිට ලබන 9 වැනිදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙනු ඇති.  

මිට සමගාමිව කලා මංගල්‍යයක් ද පැවත්වෙනවා. මේ ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමයේ සභාපති නිෂාන්ත වික්‍රමතිලක මහතා සඳහන් කළේ මෙය ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතන රැසක, අලුත්ම සහ පැරැණි පොතපත දහස් ගණක් මෙම ප්‍රදර්ශනයෙන් පාඨක ජනතාවට මිලට ගත හැකි බවයි. එමෙන්ම ලේඛක-පාඨක හමුවීම්, දොරටවැඩුම් ආදියත් මෙහි අමතර අංග ලෙස දැක්විය හැකියි.

සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමය හා මාතර මහ නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන රුහුණු පොත් වසන්තය සදහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. වසර කිහිපයක් මෙය ඉතා සාර්ථකව පැවැත්වූ අතර ඊට විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles