Friday, April 19, 2024

ලංකාවේ ගතකරපු මගේ කාලය අමතක නොවන එකක් – ගාලු ප්‍රේක්ෂකයින්ගෙන් මීකී ආතර්ට අමතක නොවන සමුගැනීමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මීකී ආතර් ගේ අවසන් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ජයග්‍රහණයකින් නිමා කළේය.

සිය ගමන්මග ගැන මාධ්‍ය හමුවේ සඳහන් කළ මීකී ආතර් සඳහන් කළේ,

“ශ්‍රී ලංකාවේ රැඳීසිටිමින් මම කළ රාජකාරිය ඉතාම සුන්දර එකක්. ඒක විශිෂ්ට ගමනක්. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වසර 2ක් ඉතා දුෂ්කර ගමනක් තිබුණත් අද වනවිට එය ගොඩාක් ප්‍රතිඵලදායක වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉතා දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ණවත් කරාවි. මේ වෙලාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්වත් අමතක කරන්න බෑ. ඔවුනුත් විශාල කැපකිරීමක් කළා. ඒ නිසා මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතා හොඳ තැනක තියෙනවා. ලංකාවේ ගතකරපු මගේ කාලය අමතක නොවන එකක්. “

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2 ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සමත්වී තිබේ.

මේ අතර සිය කොන්ත්‍රාත් කාලය අවසන්ව ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් නික්ම යන මිකී ආතර් ට සුබ පතන්නට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට එක්ව සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ද අමතක කළේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයත් සමඟ තමන්ට සුබ පැතුම් එක්කරන්නට පැමිණි දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයි අතරට ගොස් ජයග්‍රහණයේ සතුට බෙදාගන්නට මිකී ආතර් කටයුතු කිරීම ද සුවිශේෂී සිදුවීමක් වුණා.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරේ සමුගන්නා මිකී ආතර් එංගලන්තයේ ඩර්බිෂයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස පත්කර ගන්නා බව එහි බලධාරීන් මීට පෙර ප්‍රකාශකර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles