Saturday, April 20, 2024

ලඟදීම සිරිලක් වාසීන් පාවෙන්නට පටන් ගනු ඇත…!

ර්‍ශී ලංකාව පිහිටීම හේතුවෙන් අඩු ගුරුත්වාකර්ෂණ ශක්තියක් පැවතීම පෘථිවියෙන් ස්භාවිකවම අපට ලැබුණු දායාදයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේය.

“ගුරුත්වාකර්ෂණය අඩු නිසා පොළොවේ ඉඳන් කිසියම් දෙයක් ඉහළට විසිකරන කොට අපි ලබාදීමට අවශ්‍ය ශක්තිය අනෙක් තැන්වලදී කරනවාට වඩා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත්.. රොකොට්ටුවක් කක්ෂගත කරන්න අමෙරිකාවේ කැනවරල් තුඩුවෙන් යොදන ශක්තියට වඩා අඩු ශක්තියකින් අපේ ලංකා භූමියෙන් රොකොට්ටුවක් ඉහළට ඔසවන්න පුළුවන්. එයත් ආර්ථික වශයෙන් ගත්තාම ඩොලර්ස් වලින් බැලුවොත් විශාල අගයක්. සර් ආතර් සී ක්ලාක් කිව්වා ලංකාව හොඳ ස්ථානයක් අභ්‍යවකාශයට වාහන යවන්න කියලා. පෘථිවියෙන් ස්භාවිකවම අපට ලැබුණු දායාදයක් කියන්න පුවවන් මේ අඩු ගුරුත්වාකර්ෂණය.”

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති බව නාසා ආයතනය පැවසීය.

ඒ වසර ගණනාවක සිට ගුරුත්වාකර්ෂණයේ වෙනස්වීම සම්බන්ධයෙන් නාසා ආයතනය සිදුකළ පර්යේෂණ ගණනාවකින් අනතුරුවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles