Saturday, April 20, 2024

ලන්ඩන් පාලම බිඳවැටෙයි….!

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.

96 වන වියේ පසුවූ ඇය වසර 70 ක කාලයක් එක්සත් රාජධානිය පාලනය කළා.

1952 දී ඇගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු ඇය සිහසුනට පත් වුණා.

1926 අප්‍රේල් 21 වෙනිදා ලන්ඩනයේ බර්ක්ලි චතුරශ්‍රයට ඔබ්බෙන් වූ නිවසකදී එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්ඩ්සර් නමින් ඇය උපත ලැබුවේ පස්වෙනි ජෝර්ජ් රජුගේ දෙවෙනි පුතු වූ යෝර්ක් හි ඇල්බර්ට් ආදිපාදවරයාගේ මෙන්ම ආදිපාදවරිය වූ එලිසබෙත් බෝව්ස් – ල්යෝන් ආර්යාවගේ පළමු දරුවා ලෙසිනි.

දෙවන එළිසබෙත් රැජිණ වූ කලී පොදුරාජ්‍ය මණ්ඩලීය ජනපද දහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රාජ්‍ය නායිකාවයි. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හයවන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.

එක්සත් රාජධානියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැ‍මෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ‍ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි.

මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles