Friday, March 29, 2024

ලිට්‍රෝ සභාපති පමණක් නොවෙයි ජනාධිපතිවරයාත් පත් කළේ පොහොට්ටුවෙන් – මහින්ද පතිරණ ජනපතිට මතක් කර දෙයි

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා තම සමාජ ජාලා ගිණුමේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම අහෝසි කර නැවතත් එම ධුරයට පත් කිරීමට ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් පළ කර තිබේ.

මහින්ද පතිරණ මහතා එම පණිවිඩය මගින් පවසන්නේ සභාපතිවරයා පසුගිය කාලය පුරාම ලිට්‍රෝ ගෑස් සමාගම මගින් ලංකාව අසමත් කළ බවත් එහි දේශපාලන බර කාටවත් නොව පොදු ජන පෙරමුණට බවයි.

ජනාධිපතිවරයා පවා එම ධුරයට පත් කරන ලද්දේ පොදුජන පෙරමුණ බවද ඔහු සිහිපත් කර ඇත.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

තෙෂාර ජයසිංහ මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කර එම ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කරන ලෙස දන්වමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ඊයේ පෙරවරුවේ ලිපියක් යවා තිබිණ.

නමුත් ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම අවලංගු කර තෙෂාර ජයසිංහ මහතා එම ධූරයේ නැවත පිහිටුවන ලෙස නියෝග කර තිබිණ.

මහින්ද පතිරණ මහතා බැසිල් රාජපක්ෂ මහතාට දැඩි හිතෛෂීභාවයක් පෙන්නුම් කරන්නෙකු ලෙස ප්‍රකට කරුණක් වන අතර පසුගිය කාලය පුරාම මහින්ද පතිරණ මහතා තම සමාජ ජාලා ගිණුම තුල බැසිල් රාජපක්ෂ මහතාට හිතවාදී ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles