Thursday, April 25, 2024

ලියලාද මියගියේ…. මැරිලාද ලියවුණේ….???

ප්‍රකට සමාගම් ව්‍යාපාරිකයකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන දිනේශ් ශාෆ්ටර්   මහතාගේ අභිරහස්  මරණය සම්බන්ධයෙන්  සිදුකරන විමර්ශනයට අදාළව  ඔහු විසින් ලියන ලදැයි කියන හැඟීම්බර ලිපිය  විමර්ශන කටයුතු සඳහා පවුලේ සමීප ඥාතීන් ගෙන් මෙතෙක් ඉදිරිපත් වී නැතැයි  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

ඔවුන් එය ලබා දීමට මැලිකමක් දක්වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

දිනේශ් ශාෆ්ටර්  මහතා ඉකුත් 15 වෙනි දින පැය බාගෙන් නිවසට පැමිණෙන බව බිරිඳට පවසා  සිය මෝටර් රථයෙන් කුරුඳුවත්ත මල්පාර නිවසින් පිටත් වී ඇති අතර නමුත්  ඔහු යටතේ වසර පහළොවකට අධික කාලයක් සේවය කළ විධායක නිලධාරිවරයාට ක්‍රිකට් විස්තර විචාරක  බ්‍රයන් තෝමස් හමුවීමට යන බව පවසා තිබී ඇතැයි පොලිසිය කියයි

එතෙක් මෙතෙක් සිදුකල සීසීටීවී දර්ශන වල දී ඔහු නිවසින් පිටවී  යන අතරවාරයේදී දෙදෙනකුට සෑහෙන ලෙස කෙටි ආහාර කීපයක් අතර මගදි මිළදී ගෙන තිබූ අතර  එලෙස කෑම ගත්තා බව කියන කිසිදු අසුරනයක් ඔහු රෝහල් ගත කිරීමත් සමඟම ආරම්භ කරන ලද විමර්ශනවලදී පොලීසිය වෙත හමු නොවීමද සිදුකෙරෙන විමර්ශනවලට ගැටලුකාරී තත්ත්වයක් ව පවති

දිනේශ්  මහතා ගෙල සිරවී තිබූ ඇන්ටනා වයරය සහ   අත් දෙක බැඳ තිබූ පටිය ඔහු පදවාගෙන පැමිණි මෝටර්  රථයේ වම්පස අසුන මත  තිබෙන අයුරු දැක්වෙන සීසීටිවී දර්ශනයක්ද  අභිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන විමර්ශකයන්  මේ වනවිට  අනාවරණය කරගෙන ඇති අතර ඔහු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කිරීමට පෙර ගෙල සිරවී තිබූ වයරය, අසුන  මත තිබූ වයර් කැබැල්ල ද ? එම වයර් කැබැල්ල නිවස තුළ තිබෙන  ඇන්ටනා වයරයේම කොටසක් ද? යන්න සංසන්දනය කිරීමට මහේස්ත්‍රාත්වරයා ගේ නියෝග ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය

කෙසේ නමුත්  දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සියදිවි  නසාගැනීමක් බවට ඒත්තු ගැන්වීමට  සැලසුම් සහගතව  කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් උත්සාහ ගත්තාද? මේ වනවිටත් ගනිමින් සිටිනවා ද?  යන්නත් පැතිකඩ කිහිපයක් ඔස්සේ කිහිපයක් ඔස්සේ  දැඩි අවධානය යොමු කර  ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන  බව  උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles